ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න

gedara budun kiyala

Lyrics

ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න තාත්තේ ඔබ මා ළඟ නෑ අද දැකගන්න පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න ඔබෙ සෙනෙහස කියලා බෑ ඉවරකරන්න දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු දොලොස් මහේ පහන වගේ දැල්වී නිවුණූ ඔබ සිහිවී හැඬුවා.... සිත වාවනු බැරුව... කවා පොවා හදා වඩා දුක සැප විමසූ දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ බැඳුණු ඔබ සිහිවී හැඬුවා... හිත වාවනු බැරුව...

Song Details

Sinhala Title
ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න
English Title
gedara budun kiyala
චව

Artist

චාමර වීරසිංහ

View all songs →