Lyrics
එකම එක වරක්වත් ආදරේ කියන්න
රුහුනු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නෙ නෑ කුමරුනි ඔබ ලඟ ඉන්න
හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
සුදු වැල්ලයි මුදු වෙරලයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් නල ගුවනේ
පාවෙන සුලඟට දැනුනා ඔබ නැති අරුමේ
නිදි නැති රෑ යහන පුරා හීනෙන් තනිවී
ඔබ යන එන මග බල බල සිත තනි රකිමී
හෙට හිමිදිරියෙම කියන්න තුරුලේ නැලවී
හුරතල් පෙම් බස් බොහොමයි දෙතොලඟ සිරවී
Song Details
- Sinhala Title
- එකම එක වරක්වත් ආදරේ කියන්න
- English Title
- ekama eka warakwath
- Artist
- සුභානි හර්ශණී මුතුකුමාරණ
සහ
Artist
සුභානි හර්ශණී මුතුකුමාරණ
View all songs →