මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ

monara kirilliyo watapita

Lyrics

මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ සුලුමොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ පුරුදු ලෙසම මං ආවත් ඒ සිතුවිල්ලේ බස් නැවතුම්පල පාලුයි අද තංගල්ලේ... කිචිබිචි හඬ අඩුවක් නෑ උකුලු මුකුලුව මගෙ හිත නම් සතුටක් නෑ ඔය රුව නොදැක ගිය සතියේ මාහට වී ගිය පොරොන්දුව කඩවෙන්නට අද නාවේ කිමද හේතුව... කිහිපයක් ම බස් මගහැර මං එනතුරුම පන්තිය ඇරිලත් නොගිහින් ඉඳපු වරදට ගෙදරින් දඬුවම් ලැබුනද දැනන් මා ගැන කාගෙත් ලඟ නැහැලු මගේ දුකට පිළිතුර...

Song Details

Sinhala Title
මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ
English Title
monara kirilliyo watapita
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →