දිග සුසුම් විඳිනවා පපුතුරේ නිරතුරූ

diga susum widinawa

Lyrics

දිග සුසුම් විඳිනවා පපුතුරේ නිරතුරූ මග බලන් ඉන්නවා - ලැබෙනකන් පිලිතුරූ දුන්නොතින් ආදරේ - රකිනවා පිවිතුරූ පතනවා වෙන්න මං මේ භවේ හිමිකරූ මේ අත් භවේ ඔබගෙ සෙවනේ ඉදන් සමුගන්න අවසරද මගෙ ජීවිතෙන්...// සිය දහස් වාරයක් - මැවි මැවී පෙනෙනවා කවුරුවත් නෑ හිතේ - ඔබ තරම් ලං වෙලා හංගලා ඔය හිනා - මග තොටේ යන්නෙපා සෙනෙහසේ මේ උතුම් ඔබට නෑ තේරිලා මේ අත් භවේ ඔබගෙ සෙවනේ ඉදන් සමුගන්න අවසරද මගෙ ජීවිතෙන්...// ඔබ නිසා කාලයක් - මැරි මැරී ඉපදුනා ඒ උනත් හිත මගේ - ඔබ ලගින් නැවතිලා සෙනෙහසින් මා පැතූ - සෑමදේ සුන් වෙලා හීනයක් වෙයි කියා මට බයත් දැනෙනවා

Song Details

Sinhala Title
දිග සුසුම් විඳිනවා පපුතුරේ නිරතුරූ
English Title
diga susum widinawa
සර

Artist

සමීර රාමනායක

View all songs →