Lyrics
රාත්රිය මම වෙමි ය
සුදු සුමුදු මල් කැකුළ
පිනිබරව හෙට උදෑසන පිපෙන
මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති
ශාන්‍තිය හා නින්ද
ඔබට පුද දී දෙනත
පියා හිඳිනෙමි සොඳුර
මලක් වී හෙට උදේ
ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන
හිඳිමි පිය කැකුළ
වසන්තය සේ පැමිණ
හොරෙන් යම් කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනි
බිඳක් වී සැඟවෙමි ය
රාත්රිය මම වෙමි ය.....
ඔබ එළිය වූ මොහොත
මම අඳුර වෙමි සොඳුර
ඔබ ජලය වූ සඳෙහි
මම පවස වෙමි නිබඳ
දිග ම දිග රාත්‍රිය
සෙමෙන් පියවර මනිත
ඵලක් වී නෙත් හරින
ඒ ප්‍රභාතය ඔබය
රාත්‍රිය මම වෙමි ය....
Song Details
- Sinhala Title
- රාත්රිය මම වෙමි ය
- English Title
- rathriya mama wemi
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →