Lyrics
දිලිසෙන්නට පත සිවුරක්
ගමන්වලට නිල රථයක්
ලේ තැවරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
ගොඩින් මඩින් තෑගි බෝග
තරු පහකින් රස මසවුළු
ඔබේ පැත්තෙ මම වැඩ ඉඤ්ඤං
කවුරු කොහොම මොක කීවත්
සද්ගුණවත් ඔබට ලකුණු අරගෙනදෙඤ්ඤං
අරගෙනදෙඤ්ඤං....
දිලිසෙන්නට පත සිවුරක්
ගමන්වලට නිල රථයක්
ලේ තැවරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
ඔබෙන් ලැබෙන සම්මානය
දොහොත් මුදුන් දී අරගෙන
ඔබට පිරිත් පැන් මතුරඤ්ඤං
සියක් වසක් රට කරන්න
අනේ අපේ ගැලවුම්කරු ඔබයි කියඤ්ඤං
ඔබයි කියඤ්ඤං
දිලිසෙන්නට පත සිවුරක්
ගමන්වලට නිල රථයක්
ලේ තැවරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං හනික බඳිඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
කියන කරන හැමදේටම එහෙයි කියඤ්ඤං
Song Details
- Sinhala Title
- දිලිසෙන්නට පත සිවුරක්
- English Title
- dilisennata patha siwurak
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →