දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ

dedunne pata patin

Lyrics

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දූ සන්ධ්‍යාවේ නිම් වලල්ලේ මායාවී දෑස දැල්වී කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ...// ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ තුන් කල් දකිනා ඇල්මෙන් රඟනා තණ්හාවකින් ලං ලං වෙලා...... දේදුන්නේ පාට........ රන් මෙවුලේ නෙත් රැඳේවී පා යුග්මේ සිත් ඇලේවී මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ දෑතේ පැටලී කාමේ අඳුරේ කැන්දා ගනී මෝහනය වී...... දේදුන්නේ පාට........

Song Details

Sinhala Title
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ
English Title
dedunne pata patin
සන

Artist

සනත් නන්දසිරි

View all songs →

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ (dedunne pata patin) | Tediya Lyrics