Lyrics
හැම හුස්ම ගානෙම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා
ළඟ ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් හමා නෑ තරහ මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා
සනසන්න පරදදි දිනවා ඔයා
රවටන්න හිතනවද මා
නොකරාපු වරදකට දඩුවම් ලබා
විදවන්න මට සිදුවෙලා
නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් හමා නෑ තරහ මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා
හමුවන්න නැතිවෙද්දි මොහොතක් පවා
තනිකමට හිත පෑරුනා
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා
දැන දැනම වෙන්වී ගියා
නරකක් වෙලා නැතුවමත් මගෙන්
ගියමුත් හමා නෑ තරහ මං
සතුටින් ඔයා ඉන්නයි කියා
හැමදාම මං පතනවා
Song Details
- Sinhala Title
- හැම හුස්ම ගානෙම හිත රිද්දනා
- English Title
- hema husma ganema
- Artist
- රුක්ෂාන් මදුසංක
රම
Artist
රුක්ෂාන් මදුසංක
View all songs →