Lyrics
නෙතු කඳුලු වලින්
බොරු නොකර ඉදින්
මගෙ පුන්චි නගේ
රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ
පෙම් බස් දෙඩුවේ
කිරි සුවද මුවින්.......//
සෙල්ලම් ගෙදරින්
සමුගත් පමණින්
කොයිබින්ද සිතේ
අනුරාග හැගුම්.......//
කෙලෙසින්ද නගේ
පෙම් පත් ලිව්වේ
මුදු සිනිඳු අතින්
නෙතු කදුලු වලින්........
පාසල් සෙවණින්
සමු ගන්න කලින්
සිත මන්ද නගේ
අදුරේ මෙතරම්........//
අවලාද හඩින්
ගම්මාන පිරෙයි
දැන් හොඳද ඉතින්
නෙතු කදුලු වලින්.........//
Song Details
- Sinhala Title
- නෙතු කඳුලු වලින් බොරු නොකර ඉදින්
- English Title
- nethu kadulu walin boru
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →