Lyrics
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රලු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උනුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ........
Song Details
- Sinhala Title
- හන්තාන අඩවියේ මැදුරු කුළුණු
- English Title
- hanthana adawiye
- Artist
- නන්දා මාලනී
නම
Artist
නන්දා මාලනී
View all songs →