ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ

game kopi kade denna

Lyrics

ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ - දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ ගමේ රටෙ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නැ ළමයි නේ අපේ කාලෙ අස්වැද්දූ - කුඹුරු ළියැදි පාලු වෙලා තල කුරහන් අල දෙල් කොස් - හෙන් පිටින් පාලු වෙලා අම්ම අප්ප මොක මොනවත් - කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න - ගැටවරයිනි කඩ පිල්වල අත පය හත්තිය තියෙද්දි - කම්මැලිකම් මොකද බොලව් මගෙ  පපුවත් පත්තු වෙනව - අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගේ අත පය - බලාපල්ලා යකඩ වගේ අපි වවලයි අපි කැවෙ - උත්තම රජ ගොල්ලො වගේ

Song Details

Sinhala Title
ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ
English Title
game kopi kade denna
සන

Artist

සනත් නන්දසිරි

View all songs →

ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ (game kopi kade denna) | Tediya Lyrics